හුස්ටන් නගරයේ සංගීත ප‍්‍රසංගයක තෙරපීමෙන් 08ක් මරුට

388

ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප‍්‍රාන්තයට අයත් හුස්ටන් නගරයේ ඉකුත් සිකුරාදා (05දා) රාත‍්‍රියේ පැවති සංගීත ප‍්‍රසංගයක් නැරඹීමට පැමිණි අතිවිශාල සංගීත ලෝලීන් පිරිසක් එකිනෙකා තෙරපීම හේතුවෙන් පුද්ගලයන් 08 දෙනකු මියගොස් තවත් 300ක් පමණ දෙනා තුවාල ලබා තිබේ. හුස්ටන් නගරයේ පැවැත්වෙන ‘ඇස්ට්‍රෝවර්ල්ඞ්’ උළෙලෙහි අංගයක් වන සංගීත ප‍්‍රසංගයේ ආරම්භක අවස්ථාව දැකබලා ගැනීම සඳහා අතිවිශාල සංගීත ලෝලීන් පිරිසක් ප‍්‍රසංග වේදිකාව අසලට එක් රොක් වී ඇති අතර රැුප් සංගීත ශිල්පියෙකු වන ට‍්‍රැවිස් ස්කොට්ගේ ඉදිරිපත් කිරීම අතරතුර මෙසේ තෙරපීමෙන් අනතුර සිදුව තිබේ.

 රැස්ව සිටි පිරිස එකිනෙකා තෙරපීමත් සමගම මෙසේ 08 දෙනකු මියගොස් ඇති අතර සීරීම් තුවාල සිදු වූ 300 ක් පමණ දෙනා හට එම ස්ථානයේදීම ප‍්‍රථමාධාර ලබා දීමට ප‍්‍රථමාධාර කණ්ඩායම් විසින් ක‍්‍රියා කර තිබේ. තෙරපීමෙන් මිය ගොස් ඇති පිරිස වයස අවුරුදු 14-27 වයස් කාණ්ඩයට අයත් බව බලධාරීහු පවසති. සංගීත ප‍්‍රසංගයට සහභාගි වීම සඳහා පැමිණි රසිකයෙකු නැවැත්වීමට තැත් කළ ආරක්ෂක නිලධාරියෙකුගේ ගෙලට ‘නාර්කන්’ නමැති බෙහෙත කිසිවෙකු විසින් එන්නත් කළ බවට එම නිලධාරියා විසින් පැමිණිලි කර තිබීම හේතුවෙන් අනතුර පිළිබඳව හුස්ටන් පොලිසිය විසින් අපරාධ විමර්ශනයක් අරඹා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment