වැඩි කළ දස දහසත් සමඟ රාජ්‍ය සේවක වැටුප අද සිට

207

රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප අද (08දා) සිට ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වැඩිවූ රු. 10,000 සමඟ අද සිට රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා මුදල් නිකුත් කිරීමට සූදානම් කර ඇති බවත් වැඩිවූ මුදල රු. කෝටි 1300ක් පමණ වන බවත් ඇමැතිවරයා කියයි.

මේ අනුව මුළු මුදල වශයෙන් රු.බිලියන 107ක් නිදහස් කිරීමට සූදානම් කර ඇති බවත් ඒ මහතා කීවේය..

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment