චීන කතක් අත්අඩංගුවට

347

රුපියල් ලක්ෂ 84කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකාර කාන්තාව ඊයේ (24) කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.මෙම කාන්තාව ව්‍යාපාර කටයුත්කත් සඳහා රුපියල් ලක්ෂ 84කට අධික මුලක් ලබාගෙන නැවත ලබා නොදී වංචා කිරීමක් සම්බන්ධ ව පසුගිය ජනවාරි 31 වැනි දා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට ලද පැමිණිල්ලක් මත සිදු කරන ලද විමර්ශනයක දී අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකාරිය 52 හැවිරිදි චීන ජාතික කාන්තාවකි.සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment