ආසියානු ස්කොෂ් ශූරතාවලිය අද ඇරැඹේ

116

20 වැනි ආසියානු ස්කොෂ් කණ්ඩායම් ශූරතාවලිය මැලේසියාවේදී අද (30දා) ආරම්භ වීමට නියමිතය. තරගාවලිය අද සිට ලබන 04 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගීවන ශී‍්‍ර ලංකා ජාතික ස්කොෂ් කණ්ඩායම පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියේය.

ආසියානු ස්කොෂ් ශූරතාවලිය අද ඇරැඹේ

මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායම ඉසව් 13ක් සහ කාන්තා කණ්ඩායම ඉසව් 8ක් නියෝජනය කිරීමට නියමිතව ඇත.

 රවිඳු ලක්සිරි, ෂමිල් වකීල්, ටෙන්මල් වුඞ් සහ ෂෙරිෆ් හකීම් පිරිමි කණ්ඩායම නියෝජනය කරන අතර ෆාතම් ඉදසීම්, යෙහෙනි කුරුප්පු, චනිත්මා සිනාල් සහ දෙව්මිණි ගාල්ලගේ කාන්තා කණ්ඩායම නියෝනය කරති.

 කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස ගිහාන් සුවාරිස් සහ නඳුනි ගුණවර්ධන කටයුතු කරන අතර ශාරීරික යෝග්‍යතා උපදේශක ලෙස අශාන් ගම්ලත් කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment