රජිණිගේ ටීසරයක් ලොව කළඹයි

651

ඉන්දිනු සිනමාවේ දැවැන්තම ජිවමාන චරිතය කවුරුන්ද කියා ඇසුවහොත් විවාදයකින් තොරව එයට පිළිතුරු ලෙස සුපර්ස්ටාර් රජිණි කාන්ත් නාමය හඳුන්වන්නට පුළුවන්. ලොව පුරා සිටින ඉන්දීය සිනමාවට ඇල්මක් දක්වන රසිකයන් අතර ඔහුව දේවත්වයෙන් අදහන බහුතරයක් සිටින බව සැවොම දන්නා කාරණාවක්. 1950 වර්ෂයේ උපන් 73 වැනි විය ඉක්මවූ මොහු වයස යනු ඉලක්කමක් බව පමණක්ම කියා සෑම විටම ඔප්පු කරන්නට සමත් වෙනවා. දමිළ සිනමාවේ සුපිරිතම වීරයා රජිණි කාන්ත්ගේ චිත්‍රපටයන් උදෙසා දමිළ ප්‍රේක්ෂකයන් මෙන්ම ලොව පුරා සිටින රජිණි කාන්ත් රසිකයන් සිටින්නේ උමතුවකින්. ඒ උමතුව දෙගුණ තෙගුණ කිරීමට පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ පැමිණි ඔහුගේ මීළඟ චිත්‍රපටයේ ටීසරය සමත් වෙනවා.

Sun Pictures විසින් නිෂ්පාදනය කරන Lokesh Kanagaraj ගේ නවතම අධ්‍යක්ෂණයෙන් හැඩවෙන Super Star Rajini kanth ගේ 171 වන චිත්‍රපටයේ Title Revealing Teaser පටය තමයි පසුගිය අප්‍රේල් මස 22 වැනිදා නිකුත් වුණේ. චිත්‍රපට 171ක් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවුවත් ඒ අපහසු අභියෝගයට අභියෝගයක් වෙමින් රජිණි කාන්ත් ඔහුගේ නවතම චිතපටයේ ක්‍රියාදාමයන් රැසකින් ඔබ හමුවට පැමිණෙන බව වරක් ප්‍රකාශ කොට තිබෙනවා.

රජිණිගේ ටීසරයක් ලොව කළඹයි

Coolie නමින් නම් වුණු මේ චිත්‍රපටයේ ටීසර් පටය මේ වනවිට ඉහළ ප්‍රතිචාරයන් ලබමින් මිලියන 15ක් ඉක්මවූ රසිකයන් ප්‍රමාණයක් නරඹා තිබෙනවා. Anir මායාගේ සංගීතයෙන් හැඩගැන්වෙන මෙම චිත්‍රපටය ආදායම් අතින් අතිශය සාර්ථකත්වයට පැමිණෙන බවට සිනමා විචාරකයන් මේ වනවිටත් මත පළකර සිටිනවා. ඒ වගේම චිත්‍රපටයේ පොස්ටරය හා ටීසරපටය නැරඹු බොහොමයක් රසිකයන්ට කුතුහලය දනවන කාරණා දෙකක් තිබෙන බව පෙනෙනවා. ඒ නම් පෝස්ටරයේ බැලූ බැල්මට කාලය සම්බන්ධ බවක් පෙනන නිසා time travel movie එකක් වෙයිද කියායි. නැතිනම් එය රත්රන් සම්බන්ධ චිත්‍රපටයක් වන බවත් එය 1981 තිරගත වූ රජිනි කාන්ත් රඟන thee චිත්‍රපටයට සම්බන්ධයක් ඇති බවත්ය. එහෙත් ඒවා තවමත් මතවාදයන් පමණයි. කෙසේ වෙතත් Coolie චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන Lokesh Kanagaraj නම් පවසන්නේ මේක LCU හෝ වෙනත් කිසිම ලෝකෙෂ්ගේ ෆිල්ම් එකකට සම්බන්ධ නැති බවයි. ඉතින් මේ සියලු සැකයන් මෙන්ම කුතුහලයන් දුරුකරවා ගැනීමට ඉදිරියේ දී පැමිණීමට නියමිත රජිණි කාන්ත්ගේ Coolie නරඹන්නටම සිද්ධ වෙනවා.

● ෂාමික ජයලත්

advertistmentadvertistment
advertistmentadvertistment