මුදල් ඉල්ලා බිරිඳගෙන් බේරෙන්න බැරි නිසා කාන්තාවකගේ චේන් එක කැඩුවා – පොලිසියට කොටුවූ අයෙක් හැඬූ කඳුළින් කියයි

113

බිරිඳ මුදල් ඉල්ලා නිතරම කරදර කිරීම නිසා බැරිම තැන බසයක ගෑනු කෙනකුගේ රත්තරන් චේන් එකක් කැඩුවා යැයි දුන්ගාල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු හැඬූ කඳුළින් යුතුව පොලිස් නිලධාරීන්ට කීවේය.

හමුදා සේවයෙන් පැනගිය මෙම සැකකරු පවුල ජීවත් කිරීම සඳහා ත්‍රීවිල් රස්සාව කළත් ඉන් ආදායමක් නැති නිසා පවුලේ ප්‍රශ්න ඇතිවූ බවද සැකකරු පොලිසියට පවසා තිබේ.

මෙම සැකකරු තලාහේන ප්‍රදේශයේ දී වයසක කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩා ඇත්තේ සිය ඥාතියකුගේ යතුරුපැදියෙන් පැමිණ බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. දුන්ගාල්පිටිය පොලිසිය කැමරා දර්ශන ඔස්සේ සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. දුන්ගාල්පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ටී. ආර්. එම්. එස්. සී රණසිංහ මහතාගේ උපදෙස් පරිදි උ.පො.ප. සිල්වා, සැරයන් බන්දුල, කොස්තාපල් ලක්ෂ්මන් යන මහත්වරු මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
නෝමන් පලිහවඩන, දුන්ගාල්පිටිය ජූඩ් හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment