රාගල වතු නිවාස 20ක් ගිනිගනී

53

රාගල පොලිස් වසමේ රාගල වත්ත මැද කොටසේ වතු නිවාස පේළියක ඊයේ (05) දහවල් ඇති වූ ගින්නකින් වතු නිවාස 20කට හානි සිදුව තිබේ.

එම නිවාසවල ජීවත් වූ පවුල්වල සාමාජිකයින් 78 දෙනෙකු අවතැන්ව සිටින බව පොලිසිය පවසයි.

අවතැන්වූ පිරිස අතර පාසල් යන වයසේ දරුවන් 15දෙනකු පමණ සිටින බව වාර්තා වන අතර ඔවුන් සඳහා රාගල සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයේ තාවකාලිකව නවාතැන් පහසුකම් සලසා තිබේ. ප්‍රදේශයේ වැසි සහිත තත්ත්වයක් තිබිය දී මෙම ගින්න ඇතිව තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ගින්නෙන් කිසිවකුටත් හානි සිදුව නැත. ගින්න පැතිරයෑමත් සමග නිවාසවල තිබූ වටිනා භාණ්ඩ පිටතට ගැනීමට නිවැසියන් පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් රාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සමන්ති වීරසේකර, නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment