DFCC Pinnacle Junior වෙතින් ‘Gateway Robotics Competition 2024’ තරගාවලියට අනුග්‍රාහකත්වය

1

DFCC Pinnacle Junior පසුගියදා Gateway College විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද Gateway National interschool Robotics Championship සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේය.

මෙම තරගයට දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර පාසල් 25 ක කණ්ඩායම් සහභාගී විය. මෙය රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් මෙරට පාසල් සිසු සිසුවියන් අතර පවතින උනන්දුව වර්ධනය වෙමින් පවතින බවට මනා සාක්ෂියකි.

DFCC Pinnacle යනු DFCC බැංකුවේ සේවාවන් අතර ඉහළම ශ්‍රේණියේ සේවාවන් එකතුවක් වන අතර, DFCC බැංකුවේ ඉහළම තලයේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට මැනැවින් ගැළපෙන පරිදි එම සේවාවන් සැලසුම් කර තිබේ. Gateway Robotics Competition 2024 වැඩසටහනේ නිල බැංකුකරණ හවුල්කරු වශයෙන්, පාසල් දරුවන් අතර නවෝත්පාදනය සහ විචාරාත්මක චින්තනය ප්‍රවර්ධනය කිරීමට අත්වැලක් වීම DFCC බැංකුවේ අරමුණ විය. මෙය DFCC Pinnacle Junior සතු එක් ඉලක්කයක් වන, දරුවන්ගේ කුසලතා වර්ධනය කරමින් යාවජීව ඉගෙනුමකට ඔවුන් යොමුකරවීම සඳහා දරන ලද පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ. මෙහිදී දරුවන් අතර යහපත් තරගකාරීත්වයක් ඇතිකරමින්, නිර්මාණශීලීත්වය ඔස්සේ ගැටලු‍ විසඳීම සඳහා දරුවන්ට අවස්ථාව සලසා දෙන ලදි. මෙම හවුල්කාරීත්වය ඔස්සේ රටේ අනාගත පරපුර කාලීන දැනුමින් පෝෂණය කරමින් රටට සමෘද්ධිමත් අනාගතයක් උදාකර දීමට DFCC බැංකුව සහ Gateway College බලාපොරොත්තු වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment