Ceylon Green Life Palantation සමාගම FMCG වෙළෙඳපොළට පිවිසෙයි

40

Ceylon Green Life Palantation සමාගම FMCG වෙළෙඳපොළට පිවිසෙන බව පසුගියදා නිවේදනය කළේය.

ඒ පසුගියාදා මේ පිළිබඳව කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
Deelectaa සන්නාමය යටතේ Ceylon Green Life Palantation සමාගම විසින් මෙම නිෂ්පාදන පෙළ වෙළෙඳපොළට හඳුන්වාදී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ Ceylon Green Life Palantation සමාගමේ සභාපති ආචාරිය මාලන් පීටර්සේ මහතා මෙසේ පැවසීය.

අපගේ පළමු සංවත්සර දිනයේදීම වෙළෙඳපොළට ප්‍රධාන නිෂ්පාදන පෙළක් හඳුන්වාදීම අප ලැබූ විශිෂ්ට ජයක් බව ප්‍රකාශ කිරීමට කැමැතියි. අප ආර්ථික නිෂ්පාදන වන පළතුරුවලට යොමුවී ඇති බැවින් අපට නොයෙක් පාරිභෝගික නිෂ්පාදන පෙළක් හඳුන්වාදීමට පහසු මෙන්ම මේ වැවිලි අංශයෙන් මේ වගේ නිෂ්පාදන පෙළක් හඳුන්වා දුන් ප්‍රථම සහ එකම ආයතනය අප බව ප්‍රකාශ කිරීමට කැමතියි. ඒ වගේම මේ ජයග්‍රහණය පිටුපස සිටින අපේ නිෂ්පාදන ආයතනවල ප්‍රධානීන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට ස්තූති කිරීමටත් මෙය අවස්ථාවක් කර ගන්නවා.

Deelectaa සන්නාමය ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන සන්නාමයක් වනු ඇත. දේශීය මෙහෙයුම් සහ අපනයන යන දෙඅංශයේම වර්ධනයක් අත්කර ගැනීම සඳහා අපගේ සැලසුම් මේ වන විට දියත් කර ඇතැයි Ceylon Green Life Palantation සමාගමේ FMCG අංශයේ ප්‍රධාන විධායක නිලධාරී හෂාන් හපුතන්ත්‍රී මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේය.

Ceylon Green Life Palantation FMCG අංශය ලබාගත් හොඳම නවෝත්පාදනයන් කිරීමට සූදානම් කර තිබේ. Deelectaa Guava tea යනු සියලු ශ්‍රී ලාංකිකයන් බලා සිටින නවෝත්පාදනය වන අතර එහි සෞඛ්‍ය ප්‍රතිලාභ සමගින් එය ඇත්තෙන්ම ශ්‍රී ලාංකේය තේ වෙළෙඳපොළේ විප්ලවීය වෙසක් ඇති කරනු ඇති බව එම සමාගම විශ්වාසය කරයි. එමෙන්ම නුදුරේදීම Ceylon Green Life Palantation FMCG අංශයතවත් විශිෂ්ට නිෂ්පාදන පෙළෙක් වෙළෙඳපොළට හඳුන්වාදීමට නියමිත බවත් මෙහිදී අනාවරණය විය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment