අනාගත පරපුර උදෙසා LOLC තවත් උතුම් මානුෂීය මෙහෙවරක

20

ගෝලීය වසංගත තත්වයක් සමඟ රට අර්බුදයකට ඇද දැමූ ආර්ථික අවපාතයෙන් දැඩි පීඩාවට පත් අසරණ මිනිසුන් වෙනුවෙන්, අර්ථාන්විත මෙහෙවරක් ඉටුකිරීමට LOLC සමූහය දිවිසවිය ආරම්භ කළේය.

ඇරඹුම සනිටුහන් කෙරුණේ – ජීවිතය දිනන්නට යන තේමාව පෙරටු කර ගනිමිනි. ආදායම් නොමැතිව, ජීවනෝපාය අහිමිව ජීවිතය දෙස උදාසීනව බලා සිටින්නට සිදුවූ මිනිසුන් වෙනුවෙන් ඒ මානුෂීක මෙහෙවර රටේ දස දෙස විහිද ගියේය. දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පීඩාවට පත්ව සිටි ලක්ෂ සංඛ්‍යාත අඩු ආදායම්ලාභීන් පිරිසකගේ කුසගිනි නිවන්නට දැවැන්ත ශක්තියක් වූ LOLC දිවිසවිය වැඩසටහන අදියර 4 ක් ඔස්සේ ක්‍රියාත්මක විය. දුකින් වැළපුණු මව්වරුන්, රහසේ සුසුම් ලෑමට සිදුවූ පියවරුන්, ජීවිතය දින්නට මගක් ඇති බව විශ්වාස කරමින් නැගී සිටියේ එම සහෝදරත්වයේ අසහාය ශක්තියෙනි. ඒ අභිමානවත් මෙහෙවර 2022 ට අයත් මතකයකි.

අධ්‍යාපන අයිතිය අහිමිව යා නොදී, දරුවන් සවිමත් කරන මේ දිවිසවියේ ධජය දැන් එසවෙන්නේ දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අධිෂ්ඨානශීලීවය. අලු‍ත් පාසැල් වාරයට අවශ්‍ය පොත්පත්, පෑන්, පැන්සල් පමණක් නොව බෑග් එකක් සහ වතුර බෝතලයක්ද ලබා දෙන්නට LOLC දිවිසවිය සුදානමින් සිටී. දරුවන් සියයට අඩු පාසැල් 2671 මේ යටතේ හඳුනාගෙන ඇත. ඒ සිසු සිසුවියන්ට වර්ෂයකට සරිලන පරිදි, පාසැල් උපකරණ ලබාදීම මාස 4 ක් තුල සිදුකිරීමට සැලසුම්කර තිබේ.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment