නිව් ඇන්තනීස් සමූහය, ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් ලංකාහි පූර්ණ හිමිකාරිත්වය ලබාගනී

68
නිව් ඇන්තනීස් ෆාම්ස් (පුද්ගලික) සමාගමේ සභාපති එමිල් ස්ටැන්ලි මහතා, ගෝල්ඩ් කොයින් සමාගමේ අධ්‍යක්‍ෂ ෂායේ හොයිලෝ මහතා සමග

ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන නිව් ඇන්තනීස් ෆාම්ස් (පුද්ගලික) සමාගම ආසියානු කලාපයේ ප්‍රමුඛතම කෘෂි ව්‍යාපාර සමාගමක් වන ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් (ලංකා) සමාගමේ සියලු කොටස් Aboitiz Equity Ventures Inc (AEV)) හි අනුබද්ධිත සමාගම් වන Gold Coin Management Holdings Pte සහ Glen Arbor Holdings (Singapore) Pte Ltd වෙතින් මිලදී ගනිමින් එහි පූර්ණ හිමිකාරීත්වය ලබාගත් බව නිවේදනය කර සිටී.

මේ සමග ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් (ලංකා) සමාගම ඇන්තනීස් ෆීඩ් සමාගම බවට පත්වෙමින් සත්ව ආහාර නිෂ්පාදන අංශයේ පූර්ණ සැපයුම්දාම ශක්‍යතාවකින් හෙබි සමූහයක් බවට නිව් ඇන්තනීස් සමූහය පත්ව තිබේ.

මෙම ව්‍යාපාර මිලදී ගැනීමත් සමග සිය පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියම පාලනය කිරීමට සහ කළමනාකරණය කිරීමට නිව් ඇන්තනීස් සමූහයට හැකිව ඇත. එමගින් පාරිභෝගිකයන් වෙත ලබාදෙන නිෂ්පාදනවල ගුණාත්මක බව වැඩිකිරීමටත්, නිෂ්පාදන කාර්යක්‍ෂමතාව වර්ධනය කරගැනීමටත් අවස්ථාව උදාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment