දේශීය මත්පැන් මිලත් ඉහළ දමයි

372

ඉන්ධන, ගෑස්, බස් ගාස්තු, බේකරි නිෂ්පාදන, ති‍්‍රරෝද රථ ගාස්තු, පාසල් වෑන්රථ ගාස්තු ඉහළ යන අතරේ දේශීය මත්පැන් වර්ගවල මිල ඊයේ (15 දා) සිට මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් ඉහළ දමා තිබේ.

ඒ අනුව අතිවිශේෂ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 100 කින් ද, මිලිලීටර් 375 මත්පැන් බෝතලයක් රුපියල් 60 කින් ද, මිලිලීටර් 180 මත්පැන් බෝතලයක් රුපියල් 30 කින්ද, සහ බියර් බෝතලයක් රුපියල් 10 කින් ද ඉහළ දමා තිබේ.

මෙම මිල වැඩි කිරීම මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් සිදුකර ඇති බවත්, එයට සුරාබදු දෙපාර්තමේන්තුවේ සම්බන්ධතාවයක් නොමැති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ‘දිවයින’ට පැවසීය.

සමාගම් විසින් සිදුකළ මෙම මිල වැඩි කිරීම නැවැත්වීමට සුරාබදු දෙපාර්තමේන්තුවට කිසිදු බලයක් නොමැති බවත් හෙතෙම කියා සිටියේය. මෙම මත්පැන් මිල වැඩි කිරීම හරහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බදු වැඩි කිරීමක් සිදු නොකරන බවත්, පසුගිය අයවැයේදී මත්පැන් සඳහා බදු වැඩි කර ඇති බවත් හෙතෙම කීය.

චමින්ද සිල්වා සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment