මිතුරාගේ කොන්ත්‍රාත්තුවෙන් තිරික්කල රේස් පිට පිට ජයගත් ගවයා මසට විකුණලා

445

ලක්‍ෂ 12ක් වටිනා සතා දී ඇත්තේ එක්ලක්‍ෂ අසූපන්දාහට

තිරික්කල් රේස් තරගවල මේ දිනවල ඉදිරියෙන් සිටිමින් තරග ජයගන්නා බණ්ඩාරගම ප්‍රදේශයේ දක්ෂ කින්නියා ගවයකු, කොන්ත්‍රාත්තුවක්දී ගව ඝාතකාගාරයකට මසට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (23දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

බණ්ඩාරගම, අලුත්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

ඉතා හොඳින් වැඩී ඇති රු. ලක්ෂ 12 ක් පමණ වටිනාකමකින් යුත් කින්නියා ගවයා මස් පිණිස අලෙවි කර ඇත්තේ රුපියල් එක්ලක්ෂ අසූපන් දහසකට බවද පොලිසිය කීය. පැමිණිලිකරු සහ පළමු සැකකරු මුදල් ඔට්ටුවට පවත්වන තිරික්කල් රේස් සඳහා සහභාගී වන මිතුරන් දෙදෙනකු බවත්, කොන්ත්‍රාත්තුවක් ලබාදී ඝාතනය කර ඇති ගවයා පසුගිය දිනවල පැවති සියලු තරගවලින් ජයගෙන ඇති බවත් සඳහන් වේ. එයින් වෛරයක් ගොඩනැඟී ඇති අනෙක් මිතුරා දෙවන සැකකරුට කොන්ත්‍රාත්තුවක් දී එම දක්ෂ ගවයා මස් පිණිස කළුතර ප්‍රදේශයේ ගව

ඝාතකාගාරයක් වෙත අලෙවි කිරිමට කටයුතු කර තිබූ බව පොලිසිය කීය. සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

බණ්ඩාරගම – ආර්. ඒ. එස්. ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment