දයා රත්නායක රොෂාන් ගුණතිලක සහ කරන්නාගොඩ ත්‍රිපුද්ගල වාර්තාවෙන් හෙළිවූ අභිරහස!

2946

මේජර් ජනරාල් දයා රත්නායක – එයාර් මාෂල් රොෂාන් ගුණතිලක සහ අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් සමන්විත ත්‍රිපුද්ගල විමර්ශන වාර්තාවෙන් මෙතෙක් මෙරට ජනතාවට වසන් වූ තොරතුරු රැසක් හෙළිවී ඇත.

ඒ හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂට මෙරටින් පැන යෑමට මුල් වූ හේතුවයි. කලහකාරීන් විශාල පිරිසක් මිරිහාන ඇඹුල්දෙනිය මාර්ගයට පිවිසී ඇති

අවස්ථාවක 4500 ක්වූ හමුදා බළකායක් නිහඬව සිටි බව එම වාර්තාවේ දැක්වෙන කරුණුයි.

  1. ආරක්‍ෂක ලේකම්ගේ උපදෙස් මත හමුදා බලධාරීන් ක්‍රියා නොකිරීම
  2. අරලියගහමැදුර – ගාලුපාර වෙත කලහකාරීන් පැමිණෙන අවස්ථාවේ එය වැළැක්වීමට ක්‍රියා නොකිරීම
  3. විශේෂ බළකාය සහ ගුවන් හමුදා බළකායන් කලහකාරීන්ට බැටන් පහරදී විසුරුවාහැරීමට පමණක් ක්‍රියාකිරීම
  4. කොළඹ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක කලබලකාරී තත්ත්වයකට මග පෑදීම
  5. හිටපු ජනපති සහ බුද්ධි ප්‍රධානියා අතර සබඳතා නොපැවැත්වීම. ඒ බව තහවුරු වූයේ පසුගිය ජනවාරි මස ඉන්දීය ජනරජ දින උත්සවය කොළඹ ඉන්දියා හවුස් හි පැවැති අවස්ථාවේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ බුද්ධි ප්‍රධානි සුරේෂ් සාලේ හමුවීමයි. ඔබ මා ගැන බැලුවේ නැහැ මාව අමතක කළා. මාව හමුවීමට පවා ආවේ නැහැ යැයි ගෝඨාභය රාජපක්‍ෂ විසින් සුරේෂ් සාලේට පවසනු ලැබීය.

එම හමුවීම හිටපු හමුදා බලධාරීන්ද දුටු බව තහවුරු විය. හිටපු නාවික හමුදාපතිවරුන් වූ ජයනාත් කොළඹගේ, පියල් ද සිල්වා, තිසර ගුණතිලක, ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ ඇතුළු හමුදා නිලධාරීහු රැසක් මෙම උත්සවයට සහභාගි වූහ.

පිටු 17කින් යුත් මෙම වාර්තාවෙන් පෙන්නුම් කළේ රටේ ජනපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය සහ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ද දුෂ්කරතාවයනට පත්වී සිටියදී හමුදා බලධාරීන් කුමක් කළේ ද යන්න ත්‍රිපුද්ගල විමර්ශන වාර්තාව ප්‍රශ්න කර ඇත.

මෙම වාර්තාවේ තවදුරටත් සඳහන් වන්නේ රටේ ආරක්‍ෂක ව්‍යුහය අකර්මණ්‍ය වී තිබූ අයුරුයි. එසේම හමුදා බලධාරීහු සිය ජංගම දුරකථනවලට පවා ප්‍රතිචාර දැක්වීමෙන් වැලකී තිබේ.

රට තුළ දූෂණ ක්‍රියා සිදුවීම නිසා කලහකාරීන්ට විරෝධතා පැවැත්වීමට ඉඩ ලැබී තිබූ බවද වාර්තාව කියා සිටී.

මෙවන් තත්ත්වයක් ඇතිවන බවට බුද්ධි ප්‍රධානියා අනතුරු අඟවා තිබුණත් ඒ බව තහවුරු කිරීමට සාක්‍ෂි ඉදිරිපත් වී නැත.

ත්‍රිපුද්ගල විමර්ශන වාර්තාවේ සාක්‍ෂිකරුවන් 42කි. හමුදාවේ ඉහළම නිලධාරියකුගේ ක්‍රියාකලාපය ගැන වාර්තාවෙන් බරපතළ සැකයක් මතුකර ඇත.

එහෙත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් සිදුවී නැත. අනුරාධපුර රෝහලේ උපස්ථායිකාවක් වූ ඥාණවති මෑණියෝ නමැත්තියට 400ක බලඇණියකගේ රැකවරණ ද ලැබී තිබිණි.

ඇය හමුවීමට හිටපු ජනපති ගෝඨභය රාජපක්‍ෂ ද වරක් පැමිණි බව වාර්තා විය. පිටු 17ක විමර්ශන වාර්තාව මුළුමනින්ම ප්‍රසිද්ධියට පත් කර නැති අතර එහි සඳහන් ඇතැම් කරුණු වලින් රටේ පැවති තත්ත්වය තහවුරුවේ.

කලබලකාරී තත්ත්වය මැද හමුදාව පොලිසිය දුර්වලව ක්‍රියාකිරීම ඊට නිදසුනකි. මෙම වාර්තාවෙන් ජනතාවට මතු කරන ප්‍රධාන ප්‍රශ්නය නම් රටේ හමුදාවට කලහකාරී තත්ත්වයක් මර්දනය කළ නොහැකි වූයේ මන්ද එම ඇතැම් අබිරහස් බලවේග සම්බන්ධ වූයේද රටේ නායකත්වය අල්ලා ගැනීමේ මෙහෙයුමක් තිබුණේ ද යන්නයි.

එම සමයේ ප්‍රභාකරන් ජීවත්ව සිටියේ නම් ඇතිවන තත්ත්වය කිවයුතු නැත. එසේම පිටු 17ක වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට රජය ද මෙතෙක් ක්‍රියාකර නොමැත.

මේ හැර බුද්ධි ජාලයේ බරපතළ බිඳවැටීමක් ද සිදුවී ඇතැයි තහවුරුවේ. බුද්ධි ප්‍රධානියා පත් කළේද හිටපු ජනපති බව සනාථවේ.

● කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment