නාට්‍ය කලාවට කෙළවෙලා තියෙන්නෙ… අන්න එතනදි අපිට එකතු වෙන්න පුළුවන්

582

කලාව හා සම්බන්ධ මෑතකදි වඩාත් අවදානමට ලක් වූ ක්‍ෂේත‍්‍රය වන්නේ වේදිකා නාට්‍ය කලාවයි. කොවිඞ් වසංගතය හමුවේ ටෙලි නාට්‍ය සහ සිනමාව රූගත කිරීම් හෝ සිදුවද්දී වේදිකාවේ හඬ නිහඬම විය. ඒ නිහඬ බව නිමා කරමින් නාට්‍ය පහක් වේදිකාවට ගෙන එමින් බුද්ධික දමයන්ත ඇතුළු වේදිකා නාට්‍යකරුවන් අලූත් ආරම්භයක් ගැනීමට මේ දිනවල සූදානම් වෙමින් සිටී. මේ අලූත් ආරම්භය කුමක්ද, බුද්ධිකගෙන් විමසමු.

නාට්‍ය කලාවට කෙළවෙලා තියෙන්නෙ... අන්න එතනදි අපිට එකතු වෙන්න පුළුවන්

වේදිකා නාට්‍ය මේ තාක් පැවතුනෙත් තනි තනියෙන්. පණ ඇද ඇද තිබ්බ වේදිකාව පුළුවන් විදියට කීපදෙනෙක් වැටෙන්න දෙන්නෙ නැතිව මේ තාක් කරගෙන ආවේ. කොරෝනාවට කලිනුත් වේදිකාව තිබ්බේ එහෙම. හැබැයි කොරෝනාවත් එක්ක අපි තේරුම් ගත්ත දෙයක් තමයි තනි තනියෙන් නම් මේ ගේම ආයි ගහන්න වෙන්නෙ නෑ කියන එක. ඒක තේරුම් අරගෙන මම, චාමික හත්ලහවත්ත, අකිල සපුමල්, සචිත‍්‍ර සහ සායක්කාර වගේ නාට්‍යකරුවන් එකතු වෙලා නිෂ්පාදනය වෙලා තියෙන නාට්‍ය පහක් කරන්න හිතුවෙ. හැබැයි අපි මේ නාට්‍ය දෙසැම්බර් මාසයේ කරන්න හිටියත් ජූඞ් ශී‍්‍රමාල් අනෙක් පැත්තෙන් අගෝස්තු මාසයේ වේදිකා නාට්‍ය ටිකක් පෙන්වන්න උත්සහයක් ගන්න නිසා අපිත් හිතුවා ඒ ගැම්ම එහෙමම තියාගන්න සැප්තැම්බර් මාසයේදී මේ නාට්‍ය පහ වේදිකාවට ගේන්නෙ.

 මේ වගේ දුෂ්කර කාලයකදි මේ වගේ වැඩක් කරන්න කව්ද අත දෙන්නෙ.

 තාම එහෙම කව්රුවත් අපිට අත දීමක් කරල නෑ. මේක ඇත්තටම හරිම දුෂ්කර වැඩක් තමයි. අපි උත්සහ කරන්නෙ රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශයට කතා කරමින් මේ වැඬේ ඉස්සරහට ගෙනියන්න. එතනදි එල්ෆින්ස්ටන් රඟහල සහන මිලකට ලැබෙන එක ලොකු දෙයක්. නමුත් රඟහල ලැබුණට ලොකුම අභියෝගය මේ වගේ කාලයකදී රඟහලේ අඩක් හරි පුරවන එක.

 වෙනත් නාට්‍යකරුවන් සමග ගත් විට බුද්ධික කියන්නෙ වෙනස් ටිකක් රැුඩිකල් මත තියෙන නාට්‍යකරුවෙක් විදියට පෙනෙන්නෙ.

 පහුගිය කාලෙම ඔබ තනි ගමනක් යනවා අපි දැක්කෙ…

 ඉතින් එහෙමනෙ වෙන්න ඕන. මම ජූඞ් ගෙන් වෙනස්වෙන අතරම රාජිතගෙන් වෙනස් වෙන්න ඕන. අතක වුණත් ඇඟිලි පහ එක විදියකට නෑ. අපි අපේ කොලිටීස් තියාගෙන වෙනස් වෙන්න ඔ්න. හැබැයි නාට්‍ය කලාව සම්බන්ධව අපිට එක තැනකදි එකතු වෙන්න පුළුවන්. නාට්‍ය කලාවට දැන් කෙළවෙලා තියෙන්නෙ. කොහොමද අපි නැගිටින්නෙ. ඔන්න ඔතනදි විතරයි අපිට එකතු වෙන්න තියෙන්නෙ. අදහස් හා ලෝක දැක්ම අතින් අපි එකිනෙකාට වෙනස් ඇත්තටම.

 සංඛ්‍යාත්මකව කොතරම් නාට්‍ය කරල තියනවද කියා මම අහන් නෑ. නමුත් ඔබට මේ ක්‍ෂේත‍්‍රයේ ගොඩක් අද්දැකීම් ඇති…

 ඔව් අනූව දශකයේදී මම නාට්‍යකරුවෙක් විදියට එළියට එන්නෙ. සංඛ්‍යාත්මකව නාට්‍ය විසිපහක් විතර කරල තියනවා. ඒකෙන් කියවෙන්නෙ මේකත් එක්ක මම ජීවිතය ගත කරල තියනවා කියන එකයි.

 පවතින අභියෝගාත්මක තත්ත්වයත් එක්ක නාට්‍ය කලාව සම්බන්ධව ඔබට යමක් කියන්න තියනවද?

 දැන් අපිට තියන මේ ගැටලූව කාටද කියන්නෙ. සංස්කෘතික දෙපාර්තමේන්තුව කියල එකක් මහජන මුදලින් නඩත්තු වෙනවා. මේ අවුරුදු දෙකේදි නාට්‍යකරුවෝ කලාකරුවෝ ඉන්නවද කියල හොයල බැලූවේ නෑ. ඔය රක්ෂණය හරි මොකක් හරි සිල්ලර වැඩක් කරල කලාවට දෙයක් කරා කියන තැනනෙ ඉන්නෙ. රජයට කලාවෙන් වැඩක් නෑ එයාල ඉන්නෙ ව්‍යාපෘතිවල කියන එක අපි තේරුම් අරන් ඉන්නෙ.

– තිස්ස

නාට්‍ය කලාවට කෙළවෙලා තියෙන්නෙ... අන්න එතනදි අපිට එකතු වෙන්න පුළුවන්




advertistmentadvertistment
advertistmentadvertistment