අනියම් හබය දුර දිග ගොස් ප‍්‍රසිද්ධ නිළියගේ දියණියගේ වරලස කැපූ කතුන් තිදෙනාට ඇප

915

අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ කතාබහක් මුල්කරගනිමින් ප‍්‍රසිද්ධ වේදිකා සහ ටෙලිනාට්‍ය නිළියකගේ දියණියකගේ පානදුර ගොරකාන ප‍්‍රදේශයේ ඇති රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහර දී වරලස කපා දැමූ කාන්තාවන් තිදෙනකු ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.
 
 පානදුර ගොරකාන ප‍්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනිය කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරියන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
 අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරටුව සහ එගොඩඋයන ප‍්‍රදේශයේ පදිංචි 41, 30 සහ 17 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකි.
 
 සැකකාරියන් තිදෙනා පෙරේදා රාත‍්‍රී ගොරකාන ප‍්‍රදේශයේ පිහිටි පැමිණිලිකාරියගේ රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහරදී එහි තිබූ කතුර රැුගෙන වරලසේ කොටසක් කපා දමා ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.
 
 අත්අඩංගුවට පත් සැකකාරියන් පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති බවත්, දින 14 ක් නිවසේ නිරෝධායනයට ලක් කරන ලෙස උපදෙස් දී ඇති බවත් පොලිසිය කියයි.
 
 පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, පොලිස් අධිකාරී 1 උදය අමරතුංග, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ප‍්‍රියන්කර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් සැරයන් ප‍්‍රියන්ත සමරදිවාකර (58801), පො.කො.රි. ප‍්‍රියංකර (89408) වැටලීමට එක් වූහ. ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment