එන්නත් එක් මාත‍්‍රාවක් ලබාගත් 428ක් හා මාත‍්‍රා දෙකම ලබාගත් 183ක් ගිය සතියේ මරුට

463

අගෝස්තු මස 28 වැනි දිනෙන් ආරම්භ වී සැප්තැම්බර් මස 03 වැනි දිනෙන් අවසන් වූ සතිය තුළ මෙරට එක් කොවිඞ් මාත‍්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින් 428 දෙනෙකු හා මාත‍්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් 183 දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එම සතිය තුළ මියගිය පුද්ගලයින්ගෙන් 824 දෙනෙකු කිසිඳු කොවිඞ් මාත‍්‍රාවක් ලබාගෙන නොතිබූ අතර ප‍්‍රතිශයක් වශයෙන් ගත් කළ එය සියයට 57.4කි. එම සතිය තුළ කොවිඞ් ආසාදිත මරණ 1435ක් වාර්තා වී ඇති බැව් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ගෙන් වන අතර එම මරණ සංඛ්‍යාව 1115කි. ප‍්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 77.7කි. වයස අවුරුදු 30ත් 59ත් අතර කොවිඞ් ආසාදිත මරණ 295ක් වාර්තා වී ඇති අතර එය සියයට 20.6කි. අවුරුදු 30ට අඩු මරණ 25ක් වාර්තා වී ඇති අතර එය ප‍්‍රතිශතයක් වශයෙන් ගත් කළ එය සියයට 1.7කි.

මෙම සතිය තුළ වැඩිම කොවිඞ් ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 760කි. ප‍්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 53.0කි. මෙම සතිය තුළ වූ කොවිඞ් මරණවලින් 1110ක් රෝහල්වලින් වාර්තා වී ඇති අතර නිවෙස්වලදී මියගොස් ඇති සංඛ්‍යාව 245කි. රෝහලට ඇතුලත් කරන විට 80 දෙනෙකු මියගොස් ඇත. කොවිඞ් මරණවලින් සියයට 17.1ක් නිවෙස්වලින් වාර්තාවී ඇති අතර රෝහල්වලින් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව සියයට 77.4කි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment