21 ඉක්මන් කරන්න පොදු එකඟතාවක්

586

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හැකි ඉක්මනින් සම්මත කළයුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27 දා) පැවති පක්‍ෂ නායක රැස්වීමේදී පොදු එකඟතාවකට පැමිණ ඇත.

මෙම රැස්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ පස්වරුවේදී පැවති අතර ඊට දෙමළ ජාතික සන්ධානය හැර සෙසු සියලු පක්‍ෂවල නායකයන් සහභාගිවී තිබේ.

21 ඉක්මන් කරන්න පොදු එකඟතාවක්

දෙමළ ජාතික සන්ධානයට මෙම රැස්වීමට සහභාගිවීමට නොහැකිවීම මත ඔවුනගේ සහභාගිත්වයෙන් ලබන 03 වැනිදා අවසන් රැස්වීමක් පවත්වා කෙටුම්පත අවසන් කිරීමට ද මෙහිදී එකඟවී ඇත.

මෙම රැස්වීමේදී සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්‍ෂ නායකයින්ට සිය නිරීක්‍ෂණ හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment