දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව පරදවයි

295

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය කරමින් ලකුණු 79ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූයේය.

දකුණු අප්‍රිකාවේ බෙනොනි හිදි මෙම තරගය පැවති අතර නියමිත පන්දු වාර විස්ස තුළ දී දකුණු අප්‍රිකාව ලකුණු 198 ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාවට ලබාගත හැකි වූයේ ලකුණු 119 ක් පමණි.

පන්දු වාර 18.2 කදී ශ්‍රී ලංකා ඉනිම නිමා වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හත් දෙනකුම ලකුණු 10 සීමාවට පැමිණීමට පෙර දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නියෝ සමත් වූහ.

තරගාවලියේ මීළඟ විස්සයි විස්ස තරගය හෙට (30 වැනිදා)පැවැත්වීමට නියමිතයි.

advertistmentadvertistment
advertistmentadvertistment