සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සහ මහනුවර අපරාජිතයි

91

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලිය තුළ අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට සී. ආර්. ඇන්ඩ් එෆ්.සී. සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය සමත් වූයේය.

ප්‍රතිවාදී සී.එච්.ඇන්ඩ් එෆ්.සී. පිලට එරෙහිව ලකුණු 05 ක තියුණු ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. පිල ද ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 17 ක පහසු ජයග්‍රහණයක් ලබමින් ද මහනුවර පිල ද තම අපරාජිත බව ආරක්ෂා කර ගත්තේය.

එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට මහනුවර සමාජය ට හැකියාව ලැබිණි. සී.ආර්. පිල එකී දෙවන ස්ථානයේ පසු වෙයි.

ඉකුත් සති අන්තයේ පැවති තරග ආශ්‍රිතව පොලිස් පිලට එරෙහිව ලකුණු 11ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට හැව්ලොක්ස් සමාජය සමත් වන අතර වාරයේදී නාවික හමුදාවට එරෙහිව ලකුණු 12 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට යුද හමුදාවට හැකි විය.

තරග ප්‍රතිඵල

සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. පිල 28
සී.එච්.ඇන්ඩ් එෆ්.සී. පිල 23

මහනුවර සමාජය 30
ගුවන් හමුදාව 13

හැව්ලොක්ස් සමාජය 16
පොලිස් පිල 05

යුද්ධ හමුදාව 29
නාවික හමුදාව 17

advertistmentadvertistment
advertistmentadvertistment