SLT-MOBITEL තිරසර ප්‍රජා සත්කාර මෙහෙවර අඛණ්ඩව ඉදිරියට

44

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සමාජයේ හා පරිසරයේ යහපත උදාකරලීමේ ප්‍රයත්නයෙහි තවත් පියවරක් වශයෙන්, ගම්පොළ ජිනරාජ මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් තිරසර පාරිසරික, සමාජයීය හා යහපාලන වැඩසටහන් (Environmental, Social, Governance – ESG) මාලාවක් ක්‍රියාවට නැංවීමට කටයුතු කළේය.

මෙම වැඩසටහන් මාලාව ප්‍රධාන වශයෙන් ව්‍යාපෘති තුනකින් සමන්විත වූ අතර, එම පාසලේ දරුවන් සඳහා දීර්ඝකාලීනව යහපත් ප්‍රතිඵල උදාකර දීම එහි මූලික අරමුණ විය. ඒ සඳහා SLT-MOBITEL තවත් හවුල්කරුවන් කිහිප දෙනෙකු සමඟ අත්වැල් බැඳගැනීමට කටයුතු කළේය. ශිෂ්‍ය ව්‍යවසායකත්වය දිරිගන්වන ආකාරයට විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (Science, Technology, Engineering, and Mathematics – STEM) යන විෂයන් පාදක කරගනිමින් තොරතුරු තාක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම, දරුවන් තුළ කියවීමේ රුචිය වර්ධනය කරවීම අරමුණු කරගත් ‘හිතක් ඇත්නම් පොතක් දෙන්න’’ වැඩසටහන යටතේ පොත්පත් ප්‍රදානයක් සිදුකිරීම සහ ධටසකඩහ Ogilvy Public Relations Sri Lanka සමඟ එක් වී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාවට නැංවීම එම ව්‍යාපෘති තුනයි.

SLT වෙනුවෙන් මෙම අවස්ථාවට එහි සාමාන්‍යාධිකාරී (ප්‍රාදේශීය මෙහෙයුම් – R1) අනුරුද්ධ රත්නායක මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (මහජන සම්බන්ධතා) නිලන්ති ජයකොඩි මහත්මිය සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment