කුලියාපිටිය අනතුර කළ ඩිෆෙන්ඩර්ය ගිනිතබයි

341


ඩිෆෙන්ඩර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක මුහුණට මුහුණ ගැටී ඊයේ රාත‍්‍රියේදී (01) කුලියාපිටිය කනදුල්ලේදී සිදුව තිබූ රිය අනුර හේතුවෙන් පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් ඉන් ප‍්‍රකෝපකාරීවූ පිරිසක් අනතුර සිදුකළැයි කියන ඩිෆෙන්ඩර් රථය ගිනිතබා ඇති බවත් කුලියාපිටිය පොලිසිය කියයි.

එම අනතුර හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබුණේ කුලියාපිටිය කනදුල්ල ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු වූ 39 හැවිරිදි සුදර්ශන බන්නැහැක නැමැත්තෙකි. පැදිකරු උඩුබද්දාව දෙස සිට පැමිණ ඇති අතර ප‍්‍රතිවිරුද්ධ දෙසින් කුලියාපිටිය දෙස සිට උඩුබද්දාව දෙසට පැමිණි ඩිෆෙන්ඩර් රථයේ මුහුණට මුහුණ ගැටී එසේ අදාළ අනතුර සිදුව තිබූ බවද පොලිසිය කියයි.

ඩිෆෙන්ඩර් රථය පොලිස් ආලෝක සංඥා දල්වමින් අධික වේගයකින් පැමිණ තිබූ බවත් අධික ශබ්ධයක් සමගින් මරණකරු මාර්ගයේ ඇදවැටී ඩියෝ වර්ගයේ යතුරු පැදිය බොහෝදුරක් මාර්ගයේ ඇදීගොස් තිබූ බවත් එහි රැුස්ව සිටි පිරිස් පවසති.

පොලිසිය එම ස්ථානයට පැමිණෙනවිටත් බොහෝපිරිසක් එක්රැුස්ව ඩිෆෙන්ඩරයේ පිරිසට පහරදෙන්නටත් මාර්ගය හරහර පෙරළා දැමීමටත් උත්සහ කර තිබූ බවත් පසුව තත්වය පාලනය කරගැනීමට පොලිසිය මහත් වෙහෙසක් දරමින් සිටියදී එම ස්ථානයට එක්රැුස්වෙමින් සිටි ප‍්‍රකෝපකාරීවූවන් විසින් ඩිෆෙන්ඩරයට පහරටදෙන්නට කටයුතු කළ බවත් පැවසූ සිද්ධිය දුටුවන් එසේ පහරදීමෙන් ආරක්‍ෂාකරගැනීමට පොලිසිය එහිදී ඩිෆෙන්ඩරය පොලිස්ථානයට රැුගෙන එ්මට සූදානම්වනවිට පොලිස් නිළධාරියෙකු රියදුරු අසුනේ සිටියදීම එක්වර ගිණි ජාලාවක් පිටුපසින් දුටු බවත් පැවසූහ.

ගින්න ඉතාම සුලූ වේලාවකදී පැතිර යත්ම රියදුරු අසුනේ සිටි පොලිස් නිළදාරියා මහත් පරිශ‍්‍රමයක් දරා ඩිෆෙන්ඩරයෙන් බැඑැරට පැමිණ තිබූ අතර යම් හෙයකින් දොරෙහි අගුලූ ක‍්‍රියාත්මක වී තිබුණානම් වාහනය පොලිසියට රැුගෙනයාමට උත්සහකළ උප පොලිස් පරීක්‍ෂකවරයෙකුද ඩිෆෙන්ඩර් රථය සමගින් ගිනිබත්වීමට ඉඩතිබූ බවද එම සිද්ධිය දුටුවෝ පවසති.

කෙසේවෙතත් අනතුරට අදාළව ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු වූ රියදුරා ඇතුලූ තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනතිබූ අතර හිමිකරුගේ 14 හැවිරිදි පුතුද එ් අතර වූ බව පොලිසිය කියයි. සැකකාර රියදුරු ඇතුලූ සෙසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණ.

ගිණි තැබීම හේතුවෙන් ඩිෆෙන්ඩර් රථය මුලූමණින්ම ගිණිබත්ව තිබිණ. මාර්ගය මධ්‍යයේ අදාළ රථය ගිණිගෙන දැවිම හේතුවෙන් කුලියාපිටිය මාදම්පේ මාර්ගය පැය කිහිපයක් ගමනාගමනයට බාධා එල්ලවිය. එමෙන්ම මාර්ගයටද ගිණිතැබීම හේතුවෙන් අලාභහාණි සිදුව ඇතැයි පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment