මුම්බායි 10වෙනි පරාජයත් ලබයි

209

අඛණ්ඩව තරග පහක් පරාජය වී සිටි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පෙරේදා (17දා) පැවති තරගයෙන් ලකුණු 3ක තියුණු ජයග්‍රහණයක් ලබා ගත්තේය. හයිද්‍රාබාද් කණ්ඩායම ලබා ගත් එම ජයග්‍රහණය ඔවුන් මෙවර තරගාවලියේ ලබා ගත් 6 වෙනි ජයග්‍රහණය වූ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරග 13ක් තුළදී ලබා ගත් 10 වෙනි පරාජය එය විය.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 193ක් ලබා ගත් අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළදී ලබා ගත හැකිවූයේ කඩුලු හතක් දැවී ලකුණු 190ක් පමණි. තරගාවලියේ සෑම කණ්ඩායමකට ම එක් තරගය බැගින් මේ වන විට ඉතිරිව තිබෙන අතර ගුජරට් ටයිටන්ස් කණ්ඩායම දැනටමත් අවසාන කණ්ඩායම් හතර සඳහා සුදුසුකම් ලබාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment