ජපානයේ අඩු ආදායම්ලාභීන්ට වෙන් කළ  යෙන් මිලියන 46කින් අයෙක් සූදු ක්‍රීඩා කරලා

309

කොරෝනා වසංගතය හේතුවෙන් හටගත් ආර්ථික දුෂ්කරතාවන් මගහැරවීම සඳහා ජපානයේ ‘අබු’ නගරයේ අඩු ආදායම්ලාභී වැසියන් 463 දෙනෙකු අතර බෙදා දීම සඳහා ලබා දුන් යෙන් මිලියන 46.3ක මුදලක් සොරකම් කර අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩාවේ යෙදුණු 24 හැවිරිදි ජපන් ජාතිකයකු එම මුළු මුදලම පැරදී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

 කොරෝනා සහන මුදලක් වශයෙන් අබු නගරයේ අඩු ආදායම්ලාභී පුද්ගලයන් 463 දෙනෙකු අතර බෙදා දීම සඳහා කොරෝනා සහන අරමුදලින් නිකුත් කර තිබූ යෙන් මිලියන 46.3ක මුදල අදාළ ආදායම්ලාභීන් අතර බෙදා හැරීමේදී නිලධාරීන්ගේ අතපසුවීමකින් ඉහත කී පුද්ගලයාගේ පුද්ගලික බැංකු ගිණුමට බැර කිරීමත් සමගම මෙම තත්ත්වය හටගෙන තිබේ. අදාළ මුදල එහි හිමිකරුවන් අතර බෙදා හැරීමේ වගකීම භාරගෙන ඇති අදාළ පුද්ගලයා එම වගකීම පැහැර හරිමින් දිනකට යෙන් හයලක්ෂයක පමණ මුදලක් බැගින් ගිණුමෙන් ලබා ගනිමින් සති දෙකක කාලයක් මුළුල්ලේ අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩාවේ යෙදී ඇති බව හෙළි වී තිබේ. අදාළ මුදල එහි හිමිකරුවන් අතර එක් අයෙකුට යෙන් ලක්ෂයක් බැගින් ලබා දුන්නේද යන්න පිළිබඳව නිලධාරීන් විසින් විමසූ විට එම මුදල සොරකම් කර සූදු ක්‍රීඩාවේ යෙදුණු පුද්ගලයා පවසා ඇත්තේ තමන් සතුව එම මුදල නොපවතින බවයි. පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සෙවූ විට එම පුද්ගලයා සිටි ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති බව හෙළි වී තිබේ. අබු නගරයේ මහ සභාව විසින් අදාළ පුද්ගලයාට එරෙහිව යෙන් මිලියන 51ක වන්දියක් ඉල්ලා නඩු පවරා තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment