එක දවසක් හෝ උසාවි නාවොත් දිගටම රිමාන්ඩ් කරනවා – වීරවංශට උසාවියෙන් දැඩි අවවාද

945

වරෙන්තු නිකුත් කොට තිබියදී නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණයට භාරවූ පාර්ලිමේන්තු මන්ත්‍රී උත්තර සභාගය සභාපති විමල් වීරවංශ මහතාට තරයේ අවවාද කොට පෙර ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්ත අල්විස් මහතා ඊයේ (21 දා) නියෝග කළේය.

අවසන් වතාවට තම අධිකරණය විසින් ඇප ලබාදෙන නමුත් මින් පසු කුමන හේතුවක් නිසා හෝ එක් දිනක් හෝ නියමිත පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාර ගතකරනා බවට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කරමින් සැකකාර මන්ත්‍රීවරයාට අවවාද කළේය.

නිසි පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පසුගිය 19 වැනිදා වරෙන්තු නිකුත් කොට තිබිණි.

ඊයේ (21 දා) උදෑසන 10.00ට පමණ නීතිඥවරයකු සමග අධිකරණයට පැමිණි මන්ත්‍රීවරයා ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසම් පත්‍රය අනුව නඩුව කැඳවනතුරු පුරා පැය දෙකකට අධික කාලයක් අධිකරණ රැඳී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment