යාපනයේ වෛද්‍යවරිය ඝාතනය කළ නෝර්වේ පෙම්වතා අල්ලයි

1586

යාපනයේ පදිංචි දන්ත වෛද්‍යවරියක නෝර්වේ රෝහලක් අසලදී වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව මත ඇගේ පැරණි පෙම්වතා නෝර්වේ පොලිසිය විසින් 6දා අත්අඩංගුවට ගෙන තිබේ.

වරදරාජන් රාඝවි නමැති 30 හැවිරිදි මෙම දන්ත වෛද්‍යවරිය සිය පැරණි පෙම්වතා වූ නෝර්වේ ජාතිකයකුගෙන් විවිධ හිරිහැරවලට ලක්වන බවට නෝර්වේ පොලිසිය වෙත මීට පෙර පැමිණිලි කීපයක්ම ඉදිරිපත් කොට ඇත. තත්ත්වය මෙසේ තිබියදී නෝර්වේ එල්වෙරුම් ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ වෙඩි වැදී බරපතළ තුවාල ලබා සිටි තරුණියක හා තරුණයකු නෝර්වේ ජාතිකයකු විසින් රෝහල්ගතකොට තිබුණේ ජනවාරි මස 1 දාය.

යාපනයේ වෛද්‍යවරිය ඝාතනය කළ නෝර්වේ පෙම්වතා අල්ලයි

තරුණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය අතර තුවාල ලබා සිටි තරුණයාට පියවි සිහිය ලද පසුව නෝර්වේ පොලිසිය විසින් ලබා ගන්නා ලද ප්‍රකාශයකින් පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. නෝර්වේ පොලිසිය සඳහන් කොට ඇත්තේ මොහු තරුණියට වෙඩි තබා ඔහුද වෙඩි තබාගෙන ඇති බවයි.

දන්ත වෛද්‍යවරියක වූ තරුණිය මීට පෙර පොලිසියට ලබා දී ඇති පැමිණිලිවලට අනුව මෙම වෛද්‍යවරියගේ මරණය මිනීමැරුමක් බවට නෝර්වේ පොලිසිය තීන්දු කොට තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති නෝර්වේ ජාතික තරුණයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නෝර්වේ පොලිසිය පියවර ගෙන තිබේ.

මියගිය යාපනයේ පදිංචි වෛද්‍යවරියගේ දේහය නෝර්වේ සිටින ඇගේ ඥාතීන් පිරිසක් විසින් එහිදී මිහිදන් කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment