කොරෝනා ආසාදිතව ගුරු මාතාව ජීවිතක්ෂයට

295

හලාවත අධ්‍යාපන කලාපයේ තොඩුවාව සාන්ත අන්තෝනි විද්‍යාලයේ සේවය කරමින් සිටි 58 හැවිරිදි ගුරු මවක් කොරෝනා ආසදිතව මරණයට පත්ව ඇත.

 මෙසේ මරණයට පත්ව ඇත්තේ මාරවිල හාල්පන්විල පදිංචිව සිටි දෙදරු මවක් වු නීලකාන්ති විජේසේකර නමැති ගුරු මාතාවයි.

 කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඇය 1988 වසරේ ගුරු සේවයට එක්ව ඇති අතර ප‍්‍රථමයෙන් තල්විල ශාන්ත තෙරේසා මහා විද්‍යාලයේ ගුරුවරියකු වශයෙන් සේවය කර අනතුරුව තොඩුවාව සාන්ත අන්තෝනි විද්‍යාලයේ සේවය කරමින් සිට ඇත.

 වකුගඩු රෝගාබාධයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී කොරෝනා ආසාදනයවී මරණයට පත්ව ඇත. මරණයට පත් ගුරු මාතාවගේ ස්වාමිපුරුෂයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන අතර වැඩිමහල් දියණිය මුල්ලේරියාව රෝහලේ හෙදියක් ලෙස සේවය කරයි.

 බාල දියණිය හත්තිනිය විද්‍යාලයේ ගුරු සේවයේ යෙදී සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment