ආණ්ඩුව ටි‍්‍රලියන 3 ක මුදල් අලුතින් අච්චු ගහලා

719

* උද්ධමනය ඉහළට : මුදල් ගහන සමාගමට කෝටි 300 ක් ඩොලර්වලින් ගෙවන්න වෙලා

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු රුපියල් කෝටි තුන්ලක්‍ෂයක (ටි‍්‍රලියන 3 ක) පමණ මුදල් කන්දරාවක් අලූතින් අච්චු ගසා ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග හෙළිකරයි.

මේ ආකාරයට අලූතින් මුදල් අච්චු ගැසීම නිසා රටේ උද්ධමනය ඉහළ නැග ඇතැයි ද මුදල් අච්චු ගසන බිගයම පිහිටි එංගලන්ත සමාගමට මුද්‍රණ වියදම් ලෙස රුපියල් කෝටි 3000 ක පමණ මුදලක් ගෙවීමට සිදුවන බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ආරක්‍ෂිත ක‍්‍රමවේදවලට අනුව මෙම මුදල් අච්චු ගසන බවත් නෝට්ටු අච්චු ගැසීමේදී ගෙවිය යුතු මුද්‍රණ වියදම්වලට වඩා කාසි මුද්‍රණයේදී වැඩිපුර ගෙවිය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

මුදල් අච්චු ගැසීමේ එංගලන්ත සමාගමට ගෙවිය යුතු රුපියල් කෝටි 3000 ක පමණ මුදල ඩොලර්වලින් ගෙවිය යුතුව ඇතැයි ද එම ආරංචිමාර්ග සනාථ කළේය.

බියගම පිහිටි මෙම මුදල් අච්චු ගසන ‘තෝමස් ඩිලාරු’ මුද්‍රණ ආයතනය මගින් මෙතරම් මුදල් ප‍්‍රමාණයක් අච්චු ගසා තිබුණත් මහ බැංකුවේ බොහෝ නිලධාරීන්ට එම තොරතුරු වසන්කර ඇතැයි මහ බැංකු විශේෂ නිලධාරියෙක්ගෙන් කළ විමසීමේදී හෙතෙම කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment