වෘත්තීය ක්‍රියාමාර්ගය සියයට සියයක් සාර්ථකයි – ග්‍රාම නිලධාරී සංගමයේ ලේකම්

41

වෘත්තීය ක්‍රියාමාර්ගය සියයට සියයක් සාර්ථක වූ බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බී.ඩබ්ලිව්. ඩී. අසංක කුලරත්න මහතා පැවසීය.

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් විසින් අසනීප නිවාඩු වාර්තාකර සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සියයට සියයක් සාර්ථක වූ බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බී. ඩබ්ලිව්. ඩී. අසංක කුලරත්න මහතා පැවසීය.

ග්‍රාම නිලධාරි සේවාවට සේවා ව්‍යවස්ථාවක් හා ඊට අනන්‍ය වැටුප් තලයක් ලබා ගැනීමටත්, සේවාවට අදාළ දීමනා වැඩිකර ගැනීමටත් වෘත්තිකත්වයට හිමි නිසි තැන සමඟ පරිපාලනයේ බලපෑම් හා මර්දනය පිටුදැකීම උදෙසා ඊයේ (06) සහ අද (07) දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට දිවයින පුරා ග්‍රාම නිලධාරීන් කටයුතු කර ඇති බවත්, මේ සඳහා ශ්‍රී ලංකා එකසත් ග්‍රාම නිලධාරි සංගමය, සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය හා ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ග්‍රාම නිලධාරී සංගමය සහභාගි වී ඇති බව ඒ මහතා කියා.

මේ හේතුවෙන් 07 දිනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ කාර්යාල ගත රාජකාරිවලින්, අසනීප නිවාඩු වාර්තා කර රාජකාරිවලින් ඉවත්ව සිටි බවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සඳුදා (6) මහජන දින සේවා කටයුතු අඩාල වූ බව ද, එමෙන්ම හදිසි ක්ෂේත්‍රගත රාජකාරි ද අඩාල වූ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද (07 වන අඟහරුවාදා) දවස කාර්යාල දිනය නමුත් අද දිනයේ ද කාර්යාලීය කටයුතු වලින් හා ක්ෂේත්‍ර කටයුතු වලින් ඉවත් වී කටයුතු කරන බව ද, ග්‍රාම නිලධාරි සේවය සම්බන්ධයෙන් වසර හැටක් පුරා රජයෙන් ඉල්ලා සිටින, සේවා ව්‍යවස්ථාවට අදාළ කැබිනට් පත්‍රිකාව සහ ඊට අදාළ වන වැටුප් තලයට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට විෂය භාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍යවරයා විසින් සම්පූර්ණ කර කැබිනට් ලේකම්වරයා වෙත යොමු කර ඇති බවත් එය සම්මත කර අදාළ ක්‍රියාවලිය අවසන් කරන ලෙස ද ඉල්ලා සිටින බවත් අසංක නවරත්න මහතා කීවේය.

මහජනතාවට සේවය කිරීම වෙනුවෙන් 2016 වර්ෂයේ සිට වැඩි නොවූ ගමන් වියදම් දීමනාව රුපියල් 600, 2024 දී වැඩි කළ කාර්යාල දීමනාව වන ප්‍රාදේශය සභා සීමාව සඳහා රුපියල් 2000ක් හා නගර සභා සීමා සඳහා රුපියල් 3000 ලෙස වැඩි කිරීමත්, රුපියල් 1500ක ලිපිද්‍රව්‍ය දීමනාව 3000 ක් කිරීම හා රුපියල් 5000ක නිල ඇඳුම් දීමනාව යන ප්‍රධාන දීමනා ද වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ප්‍රධාන ලේකම්වරයා කීවේය.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment