පෙරේදා වැඩිම උෂ්ණත්වය පොළොන්නරුවෙන් පළාත් කීපයකට සවස් කාලයේ ගිගුරුම් වැසි

75

දිවයිනේ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.7 ක් ලෙස පොළොන්නරුව ප්‍රදේශයෙන් පෙරේදා (22 දා) වාර්තාවූ බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් සෙල්යිස් අංශක 35.6 ක් ලෙසද, වව්නියාව ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 35.5 ක් ලෙසද, කොළඹ ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක32.1 ක් ලෙසද සටහන් වී ඇතැයි එහි ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

මේ අතර අධික උෂ්ණත්වය පැවතියද දිවයිනේ

නැගෙනහිර, ඌව, උතුරු, උතුරුමැද, සබරගමුව, මධ්‍යම පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විiා දෙපාර්තමේන්තුව කියයි.

සෙසු පළාත්වල ස්ථාන කීපයක සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment