රට බංකොලොත් වීමට හේතු සොයන කමිටුවේ සභාපති පුටුව විපක්‍ෂයට ඉල්ලති

124

රට බංකොලොත්භාවයට පත් කිරීමට අදාළ හේතු සෙවීමට පත් කළ තේරීම් කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබා දෙන ලෙස හර්ෂණ රාජකරුණා සහ අනුර කුමාර දිසානායක මහත්වරු පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) ඉල්ලා සිටියහ.

සභාපති ධුරය විපක්ෂයට ලබා නොදෙන්නේ නම් එම තේරීම් කාරක සභාවෙන් සමගි ජන බලවේගය ඉල්ලා අස්වන බවත් රට බංකොලොත් කිරීමට දායක වූ පක්ෂයේ ලේකම්වරයා කමිටුවේ සභාපති ලෙස පත් කිරීම සුදුසු නොවන බවත් හර්ෂණ රාජකරුණා මහතා කීය.

රට බංකොලොත්වීමට හේතු වූ සත්‍ය කරුණු දැන ගැනීමට ඇත්තටම අවශ්‍ය නම් කළ යුත්තේ එම සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම බව අනුර කුමාර දිසාකායක මහතා සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment