ආයුර්වේද පනත 2/3 කින් සම්මත කරන්න – වෛද්‍යවරු 2කගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

122

රජය විසින් පසුගිය 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආයුර්වේද පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, පාරම්පරික ආයුර්වේදය විනාශයට පත් කරනා පනත් කෙටුම්පතක් බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක හෝ බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනකු ඊයේ (18 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මගින් සෙවනගල කිරිඉබ්බන්ආර පදිංචිකරුවකු වන වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම හා මුල්ලේරියාව නව නගරයේ වෛද්‍ය වොෂින්ටන් ගල්හේනගේ නානායක්කාර යන මහත්වරුන් එම විශේෂ පෙත්සම ගොනුකර තිබිණි.

එකී පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණක් වනුයේ ගංජා, කංසා වැනි ඖෂධීය ඔසු වර්ග වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීම බවත් සිය පෙත්සම මගින් පෙන්වා දී තිබූ පෙත්සම්කාර පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් එම පනත් කෙටුම්පත සම්මත කළහොත් පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තිබෙන ගුණාත්මකභාවයට දැඩි හානියක් සිදුවන බව ද පෙන්වා දී තිබිණි. පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කරනුයේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ අත්හදා බැලීම් හා පරීක්‍ෂණ සිදුකර ප්‍රත්‍යක්‍ෂ කරගත් ක්‍රමවේදයන් හා බෙහෙත් වට්ටෝරු අනුව වුවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව සංශෝධන පනත් කෙටුම්පත ඊට පරිබාහිරව ගිය වාණිජ අරමුණ පමණක් මුල්කරගත් ක්‍රමයක් බිහිකිරීමේ අරමුණින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් වන්නේ යැයි ද එම වෛiවරුන් සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි. එම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පාරම්පරික වෛද්‍යවරයකු මෙන්ම උපාධිධාරී ආයුර්වේද ද්‍යවරයකු ද වන බී. ඒ. රත්නපාල මහතා මින් පෙර ඉදිරිපත් කොට තිබූ විශේෂ පෙත්සම ලබන 24 වැනිදා කැඳවීමට මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment