ජනපති 21 දා ඉන්දියාවට

75

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරයුමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 20-21 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේදී සමරනු ලබන පසුබිමක මෙම සංචාරය සිදු කෙරේ.

ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර ඉන්දීය ජනාධිපති ශ්‍රිමතී ද්‍රෞපදි මුර්මු මහත්මිය හමුවනු ඇත. තවද එතුමා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අනෙකුත් ඉන්දීය ප්‍රභුවරුන් හමුවී අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් පිළිබඳ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

දෙරට අතර පවත්නා දීර්ඝ කාලීන ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට මෙම සංචාරය ඉවහල් වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment