වැටුප් වැඩි නොවුණා නම් මහ බැංකු නිලධාරීන් වැඩි පිරිසක් රට හැර යනවා – මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය

138

මහ බැංකුවේ වැටුප් සංශෝධනය සිදු නොවුණේ නම් සිටින මහ බැංකු නිලධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් මහ බැංකුව මෙන්ම රට ද හැර යෑම තවත් තීව්‍ර වී මහ බැංකුවේ කටයුතු අඩාල විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි.

පසුගිය වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ පළපුරුදු නිලධාරීන් සියයකට ආසන්න පිරිසක් අහිමි වීම හා ඔවුන් අතුරින් ඇතැමකු ලෝක බැංකුව සහ ඊට අනුබද්ධිත ආයතන, එංගලන්ත මහ බැංකුව සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවයට සම්බන්ධ වීමෙන් මේ බව වඩාත් තහවුරු කරන බව ද එම සංගමය කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව එහි ආරම්භයේ පටන්ම ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කර ඇත. ඒ අනුව පෙර පැවති මුදල් මණ්ඩලයට මෙන්ම වර්තමාන පාලක මණ්ඩලයට ද මහ බැංකු පරිපාලනයට අදාළ තීරණ ගැනීමේ ස්වාධීනත්වය පවරා දී ඇත්තේ තර්කානුකූල පදනමක් මත වන අතර එකී පරිපාලනමය ස්වාධීනත්වය ලෝකයේ අනෙකුත් මහ බැංකු සඳහා ද එලෙසම පවතී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment