අස්වැසුම අයැදුම්පත් භාර ගැනීම 15දා තෙක්

97

‘අස්වැසුම’ දෙවැනි අදියර යටතේ අයදුම්පත්‍ර භාර ගැනීම මාර්තු 15 දින දක්වා සිදු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය.

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් භාර ගැනීම ඊයේ (15 දා) ආරම්භ විය.

සුදුසුකම් ලබන සියලු දෙනාට කිසිදු බලපෑමකින් තොරව අස්වැසුම ප්‍රතිලාභ ලබාදෙන බව ද ඔහු සඳහන් කළේය.

පළමු අධියර සඳහා අයදුම්පත් යොමුකර නොමැති පවුල්වලට මෙන්ම අයදුම්පත් ඉදිරිපත් කළ නමුත් නිවාස තොරතුරු සංගණනයට ලක් නොවූ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට මෙම දෙවන අදියර සඳහා අයදුම් කිරීමට අවස්ථාවක් ඇති බවත් ජයන්ත විජේරත්න මහතා තවදුරටත් පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment