මාක්ස් නැතිව සාප්පු ගිය ඩෙන්මාර්ක අගමැතිනියට දඩ

235

පොදු ස්ථානවලට ඇතුළු වීමේදී මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය කඩ කරමින් එම ආවරණයක් නොපැළඳ සාප්පුවකට ගිය ඩෙන්මාර්ක් අගමැතිනි මෙටේ ෆ්‍රෙඩරික්සන් හට බලධාරීන් විසින් දඩ මුදලක් නියම කර තිබේ.

 ‘පැතිර යන කොරෝනා වසංගතය හමුවේ සාප්පු ඇතුළු ඇතැම් ස්ථානවලට ඇතුළු වීමේදී හා පොදු ප‍්‍රවාහන සේවාවන්හි ගමන් කිරීමේදී මහජනතාව මුහුණු ආවරණයක් පැළඳීම ඩෙන්මාර්ක රජය විසින් ඉකුත් සතියේදී අනිවාර්ය කර තිබිණි. එම නීතිය හඳුන්වා දී දින හතරක් ගත වූ පසු ඉකුත් සිකුරාදා (03දා) දිනයේ ඩෙන්මාර්ක අගමැතිනිය විසින් එම නීතිය කඩ කරමින් මුහුණු ආවරණයක් නොපැළඳ සාප්පුවකට යන අයුරු වීඩියෝගත කර ‘එක්ස්ට‍්‍රා බ්ලැඩෙ’ පුවත්පත සිය වෙබ් අඩවියෙහි පළ කිරීම හේතුවෙන්

 අගමැතිනියට මෙම දඩයට යටත්වීමට සිදුවිය. මුහුණු ආවරණයක් නොපැළඳ සාප්පුවකට යෑම සම්බන්ධයෙන් ඩෙන්මාර්ක අගමැතිනි මෙටේ පෙරේදා (04 දා) ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ. මෙවැනි වරදක් ඕනෑම අයකු අතින් සිදුවිය හැකි වුවද තමා අතින් සිදු නොවිය යුත්තක් බව ඇය විසින් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment