කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි

317

2023 මැයි මාසයේ පළමු ගනුදෙනු දිනය වූ ඊයේ (02) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය.

ඊයේ දින ගනුදෙනු සැසිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 271.75 කින් සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 103.42 කින් පහළ ගොස් තිබුණි. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී පිළිවෙළින් 3.03% ක හා 3.95% ක පහළ යාමකි.

මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,711.46 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,514.37 ක් ලෙසින් සටහන්ව තිබුණි.

සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව 11 වෙනි දිනටත් පහළ යාමක් වාර්තා විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment