පොලිස්පතිට හා මහජන ආරක්ෂක ලේකම්ට එරෙහිව කාදිනල්තුමාගෙන් රිට් පෙත්සමක්

127

පාස්කු ප්‍රහාරය හමුවේ වගකීම් පැහැර හැර ඇති නිලධාරීන්ගේ උදාසීනත්වය හා නොසැලකිලිමත් භාවය පිළිබඳවත් එම පුද්ගලයන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග පිළිබඳවත් පොලිස්පතිවරයාට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට විරුද්ධව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

එමගින් පහත කරුණු සම්බන්ධයෙන් ද විමසිම් කර ඇත.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කර ඇති පරිදි බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීම අතපසු කළ දේශබන්දු තෙන්නකෝන් සහ අනෙකුත් පොලිස් නිලධාරීන්ට විරුද්ධව ගත් විනය පරීක්ෂණ මොනවා ද? එසේ නොගත්තේ නම් ඉතා කඩිනමින් එම විනය පරීක්ෂණ ක්‍රියාත්මක කරන්න.

එසේම කාදිනල්තුමා කලකට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම් 87 ලබාදෙන ලෙස පාර්ලිමේන්තු කථානායක කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබුණත් එම කාර්යාලයෙන් 2022 ජුනි මස 22 වැනි දින එතුමන්හට දැනුම් දී තිබුණේ ඒවා ලබාදීමට නොහැකි බවයි. ඒ ඉතිරි වෙළුම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා පමණක් පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති නමුත් එය පොදු ජනතාවගේ පරිහරණය සඳහා නිකුත් කිරීමට සභාගත කර නොමැති බවට කරුණු දක්වමිනි.

ඒ. ජේ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment