ශ්‍රී ලංකාවේ අසරණ ජනතාවට ඔබේ සහයෝගය ලබා දෙන්න

142

ආසියා – පැසිපික් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ සමුළුව අමතමින්
හිටපු ජනධිපති මෛත්‍රිපාල සිරිසේන ඉල්ලීමක් කරයි

ශ්‍රී ලංකාවේ අසරණ වූ ජනතාවටත්, දුගී බවෙන් පෙළෙන ජනතාව වෙනුවෙනුත් අප රටට සහයෝගය හා ආධාර කරන ලෙස ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආසියා පැසිපික් කලාපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන්ගේ (2023) සමුළුව අමතමින් ඉල්ලීමක් කර සිටියේය.

දකුණු කොරියාවේ සියොල් නගරයේදී පැවති සමුළුව අමතා විශේෂ දේශනයක් කළ මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී කළ දේශනයේදී පහත කරුණු ද අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ දකුණු ආසියානු කලාපයේ රටවල් තවමත් ඌණ සංවර්ධිත ය. ඊට හේතුව යටත් වජිත බලපෑමෙන් මිදුණු පසුව එම රටවල ක්‍රියාත්මක වූ ආර්ථික දේශපාලනික සැලසුම් අසාර්ථක වීම බව මගේ අදහසයි. කාර්යක්‍ෂම රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වනු වෙනුවට එම රටවල් දූෂණය, වංචාව, අල්ලස, අඩු කාර්යක්‍ෂමතාව, ආදී වසංගතවලට ගොදුරු විය. දියුණු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගනු වෙනුවට ගෝලීය හා කලාපීය භූ දේශපාලනික න්‍යාය පත්‍රවල ගොදුරු බවට පත්විය. එහෙත් 2015 – 2019 මා ජනාධිපති ධුරය දැරූ කාලයේ සංචාරක කර්මාන්තයෙන්, අපනයන ආදායමෙන් හා විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් වාර්තාගත රාජ්‍ය ආදායමක් උපයා ගන්නට ශ්‍රී ලංකාව සමත් විය. ඊට හේතුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීම, යහපත් ජාත්‍යන්තර සබඳතා හා දූෂණය පිටුදැකීමට විවිධ යාන්ත්‍රණ, උපාය උපක්‍රම භාවිතා කිරීමය. එහෙත් රටක් සාර්ථකව ඉදිරියට ගමන් කිරීමට නම් අරමුණුවලට අවංක වූ ආණ්ඩු පක්‍ෂයක් ද, පටු දේශපාලනික අරමුණුවලින් ඔබ්බට සිතන ප්‍රගතිශීලී විපක්‍ෂයක් ද තිබීම අනිවාර්ය ය. එසේ නොවන්නේ නම් එහි විපාක විඳින්නේ ජනතාව මිස දේශපාලනඥයන් නොවන බව මාගේ අත්දැකීමයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ගත තත්ත්වය ගැන මා යමක් කව යුතුය. ඔබ හොඳින් දන්නා පරිදි මේ වන විට ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයක සිර වී අවසන් ය. එම අර්බුදය නිසා මතු වූ දේශපාලන අස්ථාවරත්වය හා ජන ජීවිතය අඩාල වීම දරාගත නොහැක. රෝහල්වල ශල්‍යකර්ම සිදුකරන්නේ නැත. වෛiවරුන් රට අතහැර යෑම නිසා අත්‍යවශ්‍ය සායන පවා වැසී ගොසිනි. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන පොහොර ආදිය සපයා ගැනීම පවා දැඩි අවදානමකට ලක්වී තිබේ. ලෝක ආහාර වැඩපිළිවෙළ පෙන්වා දෙන ආකාරයට අධික උද්ධමනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් මිලියන 6.3 කට පමණ ආහාර හිඟතාවක් ඇති වී තිබේ. වැරදි කෘෂි ආර්ථික ප්‍රතිපත්ති නිසා ගොවීහු වී විකුණා ගත නොහැකිව සිටිති. ජනතාවගෙන් සියයට පනහක් පහණ උපයන මුදලින් 75% ක් ආහාර සඳහා වියදම් කරති.

අධ්‍යාපන හෝ සෞඛ්‍ය සඳහා වියදම් කිරීමට ඔවුන්ට මුදල් නැත. එබැවින් මේ අසීරු අවස්ථාවේ ඔබ සියලු දෙනාගේ සහයෝගිතාව, සහෝදරත්වය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ලෙස මා අපේක්‍ෂා කරනවා.

මෙම කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් හා අප හට සත්කාරය දැක්වූ මූන් මැතිනියට හා ආචාර්ය යූන් යොන් හෝ මහතාට හා එතුමාගේ කාර්ය මණ්ඩලයට ද ආචාරය පුද කරන බව ද දේශනය නිමා කරමින් හිටපු ජනාධිපතිවරයා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment