කතරගම බෝධිරාජ විහාරාධිපති හිමි වගේ මුදල් ගැරූ හොර චීවරධාරියා අත්අඩංගුවට

828

ජනතාව රවටා මුදල් ලබාගත් සැකකාර චීවරධාරියා….

කතරගම බෝධිරාජ විහාරයේ විහාරාධිපති කිරින්දේ රත්නාලංකාර හිමියන් නමින් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල හිමිවරුන් හා ජනතාව රවටා තැපැල් කාර්යාල හරහා මුදල් ලබාගත් චීවරධාරියකු කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් චීවරධාරියා කළුතර රත්නාලංකාර හිමියන් බව පොලිසිය හඳුනාගෙන තිබේ. එම සැකකාර හිමිනම උඩුගම්පොළ, වතුමුල්ල, වතුමුල්ල පිරිවෙන යන ස්ථානයෙහි පදිංචි අයෙකි.

කතරගම බෝධිරාජ විහාරයේ විහාරාධිපති කිරින්දේ රත්නාලංකාර හිමියන්ගේ නමින් ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කරගෙන එම විහාරාධිපති හිමියන් නමින් පෙනී සිටිමින් ජනතාව රවටා මෙම චීවරධාරියා විශාල පිරිසකගෙන් මුදල් ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

මෙම චීවරධාරියාට රැවටුණු අනුරාධපුර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කරන කාන්තාවක් කතරගම බෝධිරාජ විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් උපහාර උළෙල පිළිබඳව විමසා තිබේ. එහිදී එවැනි උපහාර උළෙලක් තම විහාරස්ථානය මගින් සංවිධානය කර නොමැති බව එම කාන්තාවට විහාරාධිපති හිමියන් පවසා තිබේ. මේ පිළිබඳව විහාරාධිපති හිමියන් විසින් කතරගම පොලිසියට පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ලට අනුව පොලිසිය දිර්ඝ කාලයක් තිස්සේ සිදුකළ විමර්ශනවලින් පසු විහාරාධිපති හිමියන් නමින් ව්‍යාජ ලෙස පෙනී සිටි සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment