මිලියන 200ට වැඩි ප්‍රසම්පාදන ක්‍රියාවලි මැයි 1දා සිට විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලි හරහා පමණයි

43

රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

මැයි මස 01දා සිට මිලියන 200ට වැඩි ප්‍රසම්පාදන ක්‍රියාවලි විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා පමණක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ සඳහා අප්‍රේල් මස 19 වන දින අංක 08/2019 (1) චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී ඇති බවත්, විනිවිද භාවය වගකීම් සහ කාර්යක්ෂමතාව පදනම් කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

2023 මැයි මාසයේ සිට සියලුම කැබිනට් අමාත්‍යාංශවල මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවෙන අතර 2025 වන විට සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන ක්‍රියාවලීන් විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදන පද්ධතිය (ැ – ඨඡ) ඔස්සේ පමණක් සිදුකිරීමට නියමිත බවද මෙම වැඩසටහන හරහා ඉදිරියේදී නාස්තියෙන් හා දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැංවීමට හැකිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වැඩසටහන සඳහා යුරෝපා සංගමය සහ ලෝක බැංකුව සහයෝගය දක්වන අතර ඒ සඳහා වන ගිවිසුම මැයි මාසයේදී අත්සන් කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment