ශ්‍රී ලාංකිකයෙන් සේවය කරන කොරියන් කර්මාන්තශාලාවක් ගින්නෙන් අළුවෙයි

161

දකුණු කොරියාවේ නාසු ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් සේවය කරන කර්මාන්ත ශාලාවක් එරට වේලාවෙන් පෙ.ව. 11.00ට පමණ විදුලි කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනිගත් අතර කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත. ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානි සිදුවී නැති බව එම කර්මාන්තශාලාවේ සේවය කරන දිලිප් අල්විස් මහතා ‘දිවයින’ට පැවසුවේය. මෙම කර්මාන්තශාලාවේ දෙසීය දෙනකු පමණ සේවය කරන අතර විදුලි කාන්දු වීමකින් ගිනි ගැනීම සිදු වී ඇති බව පරීක්ෂණ පවත්වන කණ්ඩායම් පවසා ඇත. එරට ගිනි නිවීම් ඒකක ගින්න නිවා දැමීමට කටයුතු කරන ලදි.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment