සූර්ය බල විසඳුම් ඔබ සමීපයටම ගෙන එමින්, හේලීස් සෝලා දැන් මාතරට

65

සටහන හා ඡායාරූපය මාතර . චන්ද්‍රදාස කොඩිතුවක්කු

ශ්‍රී ලංකාවේ අංක 1 සූර්ය බලශක්ති සැපයුම්කරු වන හේලීස් සෝලා, සිය පළමු ශාඛාව මැයි මස 17 වන දින මාතරදී විවෘත කරන ලදී.

මෙම ව්‍යපෘතිය හේලීස් සෝලා ආයතනයේ සිුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනවාසේම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තිය වේගවත් මගට යොමු කිරීමට මහගු දායකත්වයක් ලබාදෙයි. මෙම ව්‍යපෘතිය හේලීස් සෝලා ආයතනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා සේම ශ්රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති වියාප්තිය වේගවත් මගට යොමු කිරීමට මහගු දායකත්වයක් ලබාදෙයි.

වෙළෙදපොලේ ඇති නවතම තාක්ෂණයෙන් යුතු සූර්ය බල විසඳුම් රැසක් හේලීස් සෝලා, සිය වටිනා පාරිභෝගික වෙත තිලිණ කරන්නේ රටේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලීමේ අපේක්ෂාවෙනි. හේලීස් සෝලා ආයතනයේ බලාපොරොත්තුව මෙම ශාඛාව තුළින් දකුණු පළාතේ ඇති සියලුම සූර්ය බලශක්ති අවශ්‍යතා සම්බන්ධකරන කේන්ද්රස්ථානයක් ලෙස සේවය කිරීමයි. හේලීස් ෆෙන්ටන්ස් කළමනාකාර අධ්‍යක්ෂ, හසිත් ප්‍රේමතිලක මහතා ප්‍රකාශ කර සිටියේ, “මාතර ව්‍යාප්තිය, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගමන නව මානයකට රැගෙන යනවා සේම, අප ආයතනයේ නොපසුබට කැපවීම පිළිබිඹු කරන කදිම සාක්ෂියයි. තිරසාර අනාගතයකට මුලපුරමින් සූර්ය බලශක්ති විසඳුම් පිළිබඳ දැනුම සහ පළමු අත්දැකීම අපගේ වටිනා පාරිභෝගිකයින් වෙත රැගෙනයෑමටවීම අපි මහගු භාග්‍යක් කොට සලකන්නෙමු”.

advertistmentadvertistment
advertistmentadvertistment