සුරාබදු ජල්ලියේ වාර්තාව ජනපතිට

92

සුරාබදු නිලධාරීන් විසින් කොළඹ ගාලු මුවදොර පීසා නිෂ්පාදන හෝටලයේ කෝකියාට පහර දීමේ සිද්ධිය පිළිබඳව මූලික පරීක්‍ෂණ අවසන් කර එම පරීක්‍ෂණ වාර්තා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට ක්‍රියාකර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පැවසීය.

මෙම පරීක්‍ෂණ වාර්තා අනුව තමාට පෙනී යන්නේ මෙම සිද්ධියට එම හෝටලයේ පාර්ශ්වය මෙන්ම සුරාබදු නිලධාරීන් ද වැරදිකරුවන් බවද ජයසිංහ මහතා පැවසීය.

මෙම වාර්තාව අනුව අදාළ වැරදිකරුවන්ට එරෙහිව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව සොයා බලා විමර්ශන කිරීමට සුරාබදු සහකාර කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළ බවද ජයසිංහ මහතා සඳහන් කළේය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment