හොර වැඩ කරන ආයතනවලට කෝප් එකෙන් පනී

111

නොයෙකුත් දූෂණ වංචා සහ අක්‍රමිකතා චෝදනා ඇති රජයේ ආයතන කැඳවීමට පෙර එම ආයතනවලට ගොස් එම චෝදනා පිළිබඳව පුළුල්ව කරුණු සොයා බැලීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.

එම කාරක සභාවේ විශේෂ රැස්වීමක් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වා ඇති අතර එහිදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබේ.

ඊට අමතරව කමිටුවේ ක්‍රියාකාරීත්වය වඩාත් පුළුල් කිරීමට සහ එහි සාමාජිකයන් සක්‍රීය ලෙස කාරක සභා කටයුතුවලට සම්බන්ධ කර ගැනීමේ අපේක්ෂාවෙන් අනු කමිටු හතරක් සඳහා සාමාජිකයන් 12 දෙනකු පත් කිරීමට ද තීරණය වී ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment