ත්‍රිවිධ හමුදාවට ඊශ්‍රායල පුහුණුවක්

144

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට ප්‍රථම වරට ආරක්‍ෂක පුහුණුවක් ලබාදීමට ඊශ්‍රායල රජය තීරණය කර ඇත. ඊට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය හිමිවී තිබේ. මෙයට මුල්වී ඇත්තේ වන්නි යුද සමයේ කෆීර් යානා සහ ඩෝරා ප්‍රහාරක යාත්‍රා සැපයූ ඊශ්‍රායල් අවි ඒජන්ත සුචි ජෝශප්ය.

ආරක්‍ෂක පුහුණුව ලබාදීමේ කටයුතු ගැන සාකච්ඡා කිරීමට නවදිල්ලියේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ හමුදා උපදේශක කර්නල් අවන්හි සප්රාහි මෙරටට පැමිණ ඇත. මෙයට වසර 15කට පෙර ඊශ්‍රායල මෙරටට හමුදා පුහුණුව ලබාදීමට ඉදිරිපත්වූ අවස්ථාවේ පලස්තීන විරෝධය නිසා නතර විය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment