විනයක් නැතිකම ක්‍රිකට් පිරිහීමට ප්‍රධාන හේතුවයි – හිටපු නායක අර්ජුන කියයි

460

විනයක් නැතිකම ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිහීමට හේතුවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා ‘දිවයින’ට ඊයේ (6 දා) පැවසීය. මෙම විනය නැතිවීම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පමණක් නොව ක්‍රිකට් පරිපාලනයේද වරදක් බවත් පරිපාලනය නිවැරදි නොකර ක්‍රීඩකයන්ගේ විනය ඇති කළ නොහැකි බවත් ඒ මහතා කීය.

ඔස්ටේ්‍රලියාවේදී ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයාට එල්ලවී ඇති චෝදනාව ක්‍රිකට්වලට ප්‍රශ්නයක් නොවුණත් එය රටට ප්‍රශ්නයක් බවත් ඔහු වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයකු ඔස්ටේ්‍රලියාවට ගොස් තිබියදී ධනුෂ්ක ගුණතිලක මෙරටට නොඑවීම සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනය කරුණු පැහැදිලි කළ යුතු බවත් රණතුංග මහතා පැවසීය.

දුලිප් මැන්ඩිස් මහතා ක්‍රිකට් නායකත්වය දරන සමයේ සහ ඊට පසුවත් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර විනය පවත්වාගෙන යෑමට දැඩි තීන්දු තීරණ ගත් බවත් දැන් එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් ඒ මහතා කීවේය.

ක්‍රිකට් පරිපාලනය මුදලට යටවී ඇති බත් එම තත්ත්වයෙන් මිදෙන තෙක් ක්‍රිකට් පරිපාලන හෝ ක්‍රීඩකයන් හෝ විනය ගරුකව කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකි බව පැවසූ අර්ජුන රණතුංග මහතා මෙම තත්ත්වය නැති කිරීමට තමා අවස්ථා කිහිපයකදී උත්සහ කළ බවත් එයට අවස්ථාව නොලැබුණු බවත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment