නව සෞඛ්‍ය රෙගුලාසි පනවයි… මගුල් වලට උපරිම 50 යි

144

රට තුළ පවතින උග‍්‍ර වසංගත තත්ත්වය හමුවේ ඊයේ (10 වැනිදා* මධ්‍යම රාති‍්‍රයේ සිට විවාහ මංගල උත්සව ස`දහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව යළි පුද්ගලයන් පනහකට සීමා කිරීමට රජය පියවර ගනු ලැබීය.

 එසේම පළාත් අතර සංචරණ සීමාවන් දැඩි කිරීමට ද කටයුතු කරනු ලැබූ අතර ඒ අනුව පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරි ස`දහා වාර්තා කරන පුද්ගලයන්ට පමණී.

 මේ වන විට රට තුළ සිදුවන ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර ව්‍යාප්තිය හමුවේ ඉකුත් පළමු වැනිදා සිට නවය වැනිදා දක්වා දින නවයක කාලය තුළ කොරෝනා ආසාදිතව මෙරට පුද්ගලයන් 731 දෙනකු මරණයට පත්ව ඇති බව වසංගත රෝග විiා ඒකකයේ වාර්තා සනාථ කරයි.

 එසේම එම කාලය තුළ මෙරටින් හ`දුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් ගණන 23332 කි. මියගිය අය අතරින් බහුතරයක් දෙනා වැඩිහිටියන් බවද ස`දහන් වේ.

 දෛනිකව ආසාදිතයන් 2500 හා මරණ 90 ඉක්මවා යන තත්ත්වයක් මේ වන විට රට තුළ පවතින අතර ඒ අනුව ඉදිරි සති දෙක ශී‍්‍ර ලංකාවට ඉතා තීරණාත්මක වන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ස`දහන් කරයි.

 මේ අතර කොරෝනා මර්දනය සඳහා ලබා දෙන එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් 23 දෙනකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේවන විට මරණයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අංශ ස`දහන් කරයි. මෙම පුද්ගලයන් 23 දෙනාම විවිධ රෝගාබාධයන්ගෙන් පෙළුණු අය බවද අනාවරණය වී තිබේ.

 කොරෝනා වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 2644 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විiා ඒකකය ඊයේ ස`දහන් කළේය.

 එම පිරිසත් සම`ග මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලද මෙරට සමස්ත සංඛ්‍යාව ද 298162 දක්වා ඉහළ ගියේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment