මරණ තවත් වැඩිවෙයි…. පීඑච්අයි සංගමය

213

සෞඛ්‍ය අංශ මොන තීරණය ගත්තත් ඉදිරි දින 14 තුළ කොරෝනා රෝගීන් සහ මරණ ශීඝ‍්‍රයෙන් ඉහළ යන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

 දෛනිකව කොරෝනා රෝගීන් 2500 ඉක්මවා වාර්තා වීම සහ දින හතරක සිට මරණ සංඛ්‍යාව 90 ඉක්මවා වාර්තා වීම සැලකිල්ලට ගත යුතු බව පැවසූ ඒ මහතා රෝහල් හා සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ලෙස රෝගීන් වැඩිවීම කඩිනමින් පාලනය කළ යුතු යැයි අවධාරණය කළේය.

 මේ සඳහා ආර්ථික හානි අවම වන ලෙස සමාජය ඒකරාශි වීම නැවැත්විය යුතු බව පැවසූ හෙතෙම දිස්ත‍්‍රික්ක හා පළාත් අතර සංචරණ සීමා දැඩිව ක‍්‍රියාත්මක කළ යුතු වනවා මෙන්ම අනවශ්‍ය ලෙස ආයතනවලට සේවකයින් ගෙන්වීම වහාම අත්හිටුවිය යුතු බවද කීය.

 සෞඛ්‍ය අංශ ක‍්‍රියාමාර්ග ගන්න පසුගාමී වන හැම මොහොතක් පාසාම ජීවිත කීපයක් බිලිගැනීම සිදුවන නිසා එය පාලනය කිරීමේ වගකීමත් සෞඛ්‍ය අංශ විසින් ගත යුතු බව ඒ මහතා කීය.

 බිම් මට්ටමේදී වාර්තා වන ආසාදිතයින් හා මරණ නිවැරදිව ජනතාව අතර ප‍්‍රචාරය නොවීමෙන් ජනතාව තුළ බියක් හෝ නිසි අවබෝධයක් ඇති නොවන නිසා එය නිවැරදිව ප‍්‍රකාශ කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ යුතු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment