තවත් අරගලයක් කෙහෙළිය හෙළි කරයි

1494

සෞඛ්‍යය ක්ෂේත්‍රය අර්බුදයට ලක් කර නැවත වරක් රට තුළ අරගලයක් නිර්මාණය කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය. ප්‍රධාන දේශපාලන පක්ෂයක් එය පිටුපස සිටින බවත් චෝදනා කළ හෙතෙම ඖෂධ සම්බන්ධයෙන් සිදුවන ඇතැම් මරණ එහි එක් කොටසක් බවත් කියා සිටියේය.මීට පෙර අස්වැසුම භාවිතා කරමින් ද ඉන් අනතුරුව ගොවි ජනතාවගේ ජල ප්‍රශ්නය භාවිතා කරමින් ද අරගලය නිර්මාණය කිරීමට උත්සාහ කළ බවත් සඳහන් කළ රඹුක්වැල්ල මහතා එය ව්‍යවර්ථ වූ කල ඉතා සංවේදී ප්‍රශ්නයක් වන සෞඛ්‍යය අංශය භාවිතා කරමින් අරගලය නැවත ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බව කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment